කොහොමද යාලුවනේ…!ගොඩ
කාලෙකට පස්සෙ Linux ගැන Post එකක් දාන්න හිතුව…අමිල termux post සෙට් එකත් පටන් ගත්ත
එකේ ඒ අයටත් මේපෝස්ට් එක ප්රයොජනවත් වෙන්න පුලුවන්…වැඩිපුරම ප්රයෝජනවත් වෙන්නෙ
pc එකේ linux terminal එක පාවිච්චි කරන අයටයි…හරි ඉතින් වැඩි කතානැතුව මේ shortcut
ටික කියන්නම්…මෙතෙන්දි shortcut කියන්නෙ ඉතින් keyboard shortcut ටික තමා…සමහර විට මේ
පෝස්ට් එක කියෙවුවට පස්සෙ terminal එකේ වැඩ ගොඩක් ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි…ඔයාලට Linux Terminal එකේ Basic Command ගැන දැනුමක් නැත්නම් මේ Link එකට ගිහින් ඒ post එක කියවන්න : https://www.sltechz.tk/2018/05/linux-terminal-commands.html
- මුලින්ම බලමු cursor movements…
Terminal
එකේ වැඩ කරද්දි code type වලදි cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ වෙනව…ඉතින් මේකෙදි
අපිට Arrow Key පාවිච්චි කරල එහාට මෙහාට යන්න පුලුවන් කියල ඔයාල දන්නව ඇති….ඉතින් අපිට
ගොඩක් දුර තැනකට වගේ cursor එක එකපාර ගෙනියන්න මේ keybord shortcut ටික වැදගත් වෙනව…මෙතන
ඉදන් තියන උදාහරණ වලදි “ │ “ ලකුනින් cursor එක පෙන්නනව!
Ctrl + A
මේ
shortcut එකෙන් අපිට code line එකේ මුලට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zo│ne
ඔතන
cursor එක තියෙද්දි Ctrl+A ගැහුවොත් පහල විදිහට cursor එක මුලට එනව!
root@sltechzone :-#
│sl tech zone
Ctrl + E
මේ
shortcut එකෙන් අපිට code line එකේ අගට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + E ගැහුවොත් පහල විදිහට cursor එක අගට එනව!
root@sltechzone :-#
sl tech zone│
Alt + F
මේ shortcut
එකෙන් අපිට code line එකේ එක වචනයක ඉදන් ඊලග වචනෙ මුලට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට
-
root@sltechzone :-# sl │tech
zone
ඔතන
cursor එක තියෙද්දි Alt + F ගැහුවොත් පහල විදිහට cursor එක ඊලග වචනෙ මුලට යනව!
root@sltechzone :-#
sl tech │zone
Alt + B
මේ
shortcut එකෙන් අපිට code line එකේ එක වචනයක ඉදන් ඉස්සෙල්ල වචනෙ මුලට යන්න පුලුවන්…උදාහරණයක්
විදිහට -
root@sltechzone :-# sl tech │zone
ඔතන
cursor එක තියෙද්දි Alt + B ගැහුවොත් පහල විදිහට cursor එකට ඉස්සෙල්ල වචනෙ මුලට යනව!
root@sltechzone :-#
sl │tech zone
Ctrl + XX
මේ
shortcut එකෙන් අපිට code line එකේ අපි cursor එකේ ඉන්න තැන ඉදන් මුලට යන්න පුලුවන්
වගේම ආය මේ shortcut එක පාවිච්චිකලොත් ඉස්සෙල්ල හිටපු තැනට යන්න පුලුවන් …උදාහරණෙ බැලුවහම
තේරෙයි…-
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl+ XX ගැහුවොත් පහල විදිහට cursor එක මුලට එනව!
root@sltechzone :-#│sl tech zone
ආය එතන ඉදන් Ctrl+ XX ගැහුවොත් පහල විදිහට cursor එක මුලින්ම හිටපු තැනට යනව!
ආය එතන ඉදන් Ctrl+ XX ගැහුවොත් පහල විදිහට cursor එක මුලින්ම හිටපු තැනට යනව!
root@sltechzone :-#
sl te│ch zone
Ctrl + F
මේ
shortcut එකෙන් අපිට code line එකේ එක character එකක් ඉස්සරහට cursor එක යවන්න පුලුවන්…මේක
ඉතින් Right Arrow Key එකෙනුත් කරන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + F ගැහුවොත් පහල විදිහට cursor එක ඉස්සරහට යනව!
root@sltechzone :-#
sl tec│h zone
Ctrl + B
මේ
shortcut එකෙන් අපිට code line එකේ එක character එකක් පිටිපස්සට cursor එක යවන්න පුලුවන්…මේක
ඉතින් Left Arrow Key එකෙනුත් කරන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + B ගැහුවොත් පහල විදිහට cursor එක පිටිපස්සට යනව!
root@sltechzone :-#
sl t│ech zone
Cursor
Movement වලට තියෙන්නෙ ඔයටික තමා …
- දැන් බලමු Text manipulation shortcut….ඒ කියන්නෙ text වල වැඩ cut past අකුරු මාරු කරන ඒව වගේ….
Ctrl + U
මේ shortcut
එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැන ඉදන් code line එක පටන් ගන්න තැනට
වෙනකන් cut කරල ගන්න එක!…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + U ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ
මුලට වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…Clipbord එක දන්නව ඇති කියල හිතනව..ඕකෙ
දේවල් තමා අපි past කරන්නෙ …මෙතනදි clipbord එක terminal clipbord එක කියල මතක තියාගන්න…!
Clipbord : sl te
එතකොට
code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-#
ch zone
Ctrl + K
මේ
shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැන ඉදන් code line එක ඉවරවෙන තැනට වෙනකන් cut කරල ගන්න එක!…උදාහරණයක් විදිහට
-
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + K ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ
අන්තිම වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…
Clipbord : ch zone
එතකොට
code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-#
sl te
Ctrl + W
මේ
shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැනට ඉස්සෙල්ල වචනෙ Delete කරන
එක!Delete කිවුවට clipbord එකට යනව …උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech│ zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + W ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ
අන්තිම වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…
Clipbord : tech
එතකොට
code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-#
sl │zone
Ctrl + Y
මේ
shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැනට clipbord එකේ තියන වචනෙ past කරන එක කරන්නෙ!මතක තියාගන්න මෙතනදි
terminal clipbord එකේ තියන code තමා past වෙන්නෙ..…උදාහරණයක් විදිහට -
Clipbord : tech
Clipbord එකේ
ඔහොම තියෙද්දි පහල වගේ තැනක cursor එක තියෙද්දි…
root@sltechzone :-# sl│ zone
Ctrl + Y
ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැනට clipbord එකේ වචනෙ වැටෙනව…
root@sltechzone :-#
sl tech│ zone
Alt + T
මේ
shortcut එකෙන් අපිට code line එකේ cursor එකට ඉස්සෙල්ල තියන වචන දෙක මාරු කරන්න පුලුවන්.…උදාහරණයක්
විදිහට
root@sltechzone :-# sl tec│h zone
ඔතන
cursor එක තියෙද්දි Alt + T ගැහුවොත් පහල විදිහට
cursor එක තිබ්බ වචනෙයි ඉස්සෙල්ල වචනෙයි මරු වෙනව!
root@sltechzone :-#
tech sl│ zone
Alt + L
මේ
shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම්
lowercase වෙනව…සින්හලෙන් කිවුවොත් simple වෙනව…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# SL TE│CH ZONE
ඔතන
cursor එක තියෙද්දි Alt + L ගැහුවොත් පහල විදිහට
cursor එක තිබ්බ තැන ඉදන් වචනෙ අගට lowercase වෙනව!
root@sltechzone :-#
SL TEch│ ZONE
Alt + U
මේ
shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම්
uppercase වෙනව…සින්හලෙන් කිවුවොත් capital වෙනව…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Alt + U ගැහුවොත් පහල විදිහට
cursor එක තිබ්බ තැන ඉදන් වචනෙ අගට uppercase වෙනව!
root@sltechzone :-#
sl teCH│ zone
Alt + C
මේ
shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන අකුර capitalize වෙලා වචනය ඉවර වෙන තැනට වෙනකම් cursor එක යනව … උදාහරණයක්
විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Alt + C ගැහුවොත් පහල විදිහට
cursor එක තිබ්බ තැන අකුර capital වෙනව……!
root@sltechzone :-#
sl teCh│ zone
වචනෙ මුල
ඉදන් ඕක use කලොත් පලවෙනි අකුර capital වෙලා cursor එක වචනෙ අගට යනව……!
Alt + D
මේ shortcut
එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම්
Delete වෙන එක… උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Alt + D ගැහුවොත් පහල විදිහට
cursor එක තිබ්බ තැන ඉදන් ඉවරවෙන තැනට delete වෙනව……!
root@sltechzone :-#
sl te│ zone
වචනෙ මුල
ඉදන් ඕක use කලොත් මුලු වචනෙම delete වෙනව……!
Alt + .
මේ
shortcut එකෙන් වෙන්නෙ අන්තිමට run කරපු command එක පෙන්නන එක…
Ctrl + T
මේ
shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් ඉස්සෙල්ල තියන
Character දෙක මාරුවෙන එක… උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl te│ch zone
ඔතන
cursor එක තියෙද්දි Ctrl + T ගැහුවොත් පහල
විදිහට cursor එකට ඉස්සෙල්ල තිබ්බ character දෙක මාරු වෙනව……!
root@sltechzone :-#
sl et│ch zone
- දැන් බලමු terminal එකේ වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් shortcut ටිකක්…
Ctrl + L
මේ
shortcut එකෙන් අපිට terminal එකේ තියන දේවල් එක පාර මකන්න පුලුවන්…මතක ඇති basic
commands post එකේ කිවුව clear command එකක් ගැන…ඉතින් ඒ වැඩේම මේ shortcut එකෙන් කරගන්න
පුලුවන්…
Ctrl + S
මේ
shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි process එකක් run වෙනව පෙන්නනවනම් ඒ පෙන්නන
නැති කරන්න පුලුවන්…ඒ උනාට process එක වැඩ කරනව …
Ctrl + Q
මේ
shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි processවෙවී තියෙද්දි උඩ shortcut එකෙන්
පෙන්නන් නැති කලානම් අපිට ආය terminal එකේ පෙන්නන විදිහට හදාගන්න පුලුවන් …
Ctrl + C
මේ
shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි processවෙවී තියේනම් ඒක stop කරන්න පුලුවන්……
Ctrl + D
මේ
shortcut එකෙන් අපිට terminal එකෙන් අයින් වෙන්න පුලුවන්…මතක ඇති Basic Command
Post එකේ කිවුව exit command එක…ඉතින් ඒ වැඩේම ලේසියෙන් මේ shortcut එක පාවිච්චි කරල
කරගන්න පුලුවන්…
Ctrl + Z
මේ
shortcut එකෙන් අපිට terminal එකෙ foreground process වෙනවනම් නවත්තන්න පුලුවන්. …
Ctrl + Shift + T
මේ
shortcut එකෙන් අපිට terminal එකෙ අලුත්
tab එකක් ගන්න පුලුවන් …
Ctrl + Shift + W
මේ
shortcut එකෙන් අපිට terminal එකෙ තියන
tab එක close කරන්න පුලුවන් …
Ctrl + Shift + N
මේ
shortcut එකෙන් අපිට terminal එකෙ අලුත්
window එකක් ගන්න පුලුවන් …
Ctrl + Shift + Q
මේ
shortcut එකෙන් අපිට terminal එකෙ තියන
window එක close කරන්න පුලුවන් …
ඉතින් මේ
වගේ තව shortcut ටිකක් තියේ ඒව බලාගන්න terminal එකේ right click කරල preference ගිහින්
එන window එකේ වම්පැත්තෙ තියන Shortcuts කියන tab එකට යන්න!
එහෙනම් ඉතින්
post එක ඉවර කරන්නයි හදන්නෙ…තව terminal ඒක open කරන්න shortcut එක මේ post එකේම දාන්න
හිතාගෙන හිටියෙ ඒත්පෝස්ට් එක තව දික් වෙන නිසා වෙනමපෝස්ට් එකකින් ඉක්මනටම ඒක කියන්නම්!ඒකෙ
පොඩි වැඩ ටිකක් තියේ කරන්න...ඉතින් මේ Post එක වැදගත් වෙයි කියල හිතනව…ප්රශ්න තියේනම්
comment එකක් දාන් යන්න…වැරදි අඩුපාඩුත් ඇති දන්න අය ඒවත් comment කරන්නමාත් linux
පාවිච්චි කරන්න අරගෙන ගොඩක් ලොකු කාලයක් නෑ…share පාරක් දාන්න!අපේ blog එකත් එක්ක දිගටම
ඉන්න මේ වගේ post ඉස්සරහටත් දෙන්න බලාපොරොත්තු වෙනව….එහෙනම් මම කැපුන...
බුදු සරණයි!

Patta macho.godak watinawa
ReplyDeleteEla Bro! 👍
ReplyDelete