Skip to main content

Linux Terminal එකේ වැඩ්ඩෙක් වෙන්න අනිවාර්යයෙන් දැනගත යුතු Shortcuts!



කොහොමද යාලුවනේ…!ගොඩ කාලෙකට පස්සෙ Linux ගැන Post එකක් දාන්න හිතුව…අමිල termux post සෙට් එකත් පටන් ගත්ත එකේ ඒ අයටත් මේපෝස්ට් එක ප්‍රයොජනවත් වෙන්න පුලුවන්…වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නෙ pc එකේ linux terminal එක පාවිච්චි කරන අයටයි…හරි ඉතින් වැඩි කතානැතුව මේ shortcut ටික කියන්නම්…මෙතෙන්දි shortcut කියන්නෙ ඉතින් keyboard shortcut ටික තමා…සමහර විට මේ පෝස්ට් එක කියෙවුවට පස්සෙ terminal එකේ වැඩ ගොඩක් ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි…ඔයාලට  Linux Terminal එකේ Basic Command ගැන දැනුමක් නැත්නම්  මේ Link එකට ගිහින් ඒ post එක කියවන්න : https://www.sltechz.tk/2018/05/linux-terminal-commands.html


  • මුලින්ම බලමු cursor movements…
Terminal එකේ වැඩ කරද්දි code type වලදි cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ වෙනව…ඉතින් මේකෙදි අපිට Arrow Key පාවිච්චි කරල එහාට මෙහාට යන්න පුලුවන් කියල ඔයාල දන්නව ඇති….ඉතින් අපිට ගොඩක් දුර තැනකට වගේ cursor එක එකපාර ගෙනියන්න මේ keybord shortcut ටික වැදගත් වෙනව…මෙතන ඉදන් තියන උදාහරණ වලදි “  ලකුනින් cursor එක පෙන්නනව!

Ctrl + A

මේ shortcut එකෙන් අපිට code line එකේ මුලට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl+A ගැහුවොත් පහල විදිහට cursor එක මුලට එනව!
root@sltechzone :-# sl tech zone

Ctrl + E

මේ shortcut එකෙන් අපිට code line එකේ අගට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + E ගැහුවොත් පහල විදිහට cursor එක අගට එනව!
root@sltechzone :-# sl tech zone

Alt + F

මේ shortcut එකෙන් අපිට code line එකේ එක වචනයක ඉදන් ඊලග වචනෙ මුලට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Alt + F ගැහුවොත් පහල විදිහට cursor එක ඊලග වචනෙ මුලට යනව!
root@sltechzone :-# sl tech zone

Alt + B

මේ shortcut එකෙන් අපිට code line එකේ එක වචනයක ඉදන් ඉස්සෙල්ල වචනෙ මුලට යන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Alt + B ගැහුවොත් පහල විදිහට cursor එකට ඉස්සෙල්ල වචනෙ  මුලට යනව!
root@sltechzone :-# sl tech zone

Ctrl + XX

මේ shortcut එකෙන් අපිට code line එකේ අපි cursor එකේ ඉන්න තැන ඉදන් මුලට යන්න පුලුවන් වගේම ආය මේ shortcut එක පාවිච්චිකලොත් ඉස්සෙල්ල හිටපු තැනට යන්න පුලුවන් …උදාහරණෙ බැලුවහම තේරෙයි…-
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl+ XX ගැහුවොත් පහල විදිහට cursor එක මුලට එනව!
root@sltechzone :-#sl tech zone 
ආය එතන ඉදන්  Ctrl+ XX ගැහුවොත් පහල විදිහට cursor එක මුලින්ම හිටපු තැනට යනව!
root@sltechzone :-# sl tech zone

Ctrl + F

මේ shortcut එකෙන් අපිට code line එකේ එක character එකක් ඉස්සරහට cursor එක යවන්න පුලුවන්…මේක ඉතින් Right Arrow Key එකෙනුත් කරන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + F ගැහුවොත් පහල විදිහට cursor එක ඉස්සරහට යනව!
root@sltechzone :-# sl tech zone

Ctrl + B

මේ shortcut එකෙන් අපිට code line එකේ එක character එකක් පිටිපස්සට cursor එක යවන්න පුලුවන්…මේක ඉතින් Left Arrow Key එකෙනුත් කරන්න පුලුවන්…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + B ගැහුවොත් පහල විදිහට cursor එක පිටිපස්සට යනව!
root@sltechzone :-# sl tech zone



Cursor Movement වලට තියෙන්නෙ ඔයටික තමා …
  • දැන් බලමු Text manipulation shortcut….ඒ කියන්නෙ text වල වැඩ cut past අකුරු මාරු කරන ඒව වගේ….

Ctrl + U

මේ shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැන ඉදන් code line එක පටන් ගන්න තැනට වෙනකන් cut කරල ගන්න එක!…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + U ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ මුලට වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…Clipbord එක දන්නව ඇති කියල හිතනව..ඕකෙ දේවල් තමා අපි past කරන්නෙ …මෙතනදි clipbord එක terminal clipbord එක කියල මතක තියාගන්න…!
Clipbord : sl te
එතකොට code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-# ch zone

Ctrl + K

මේ shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැන ඉදන් code line එක ඉවරවෙන  තැනට වෙනකන් cut කරල ගන්න එක!…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + K ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ අන්තිම වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…
 Clipbord : ch zone
එතකොට code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-# sl te

Ctrl + W

මේ shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැනට ඉස්සෙල්ල වචනෙ Delete කරන එක!Delete කිවුවට clipbord එකට යනව …උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + W ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැන ඉදන් line එකේ අන්තිම වෙනකම් cut වෙනව!Clipbord එකට ඒ ටික වැටෙනව…
 Clipbord : tech
එතකොට code line එකේ ඉතුරුවෙන්නෙ පහල ටික!
root@sltechzone :-# sl zone

Ctrl + Y

මේ shortcut එකෙන් අපිට code line එකේ අපේ cursor එක තියන තැනට clipbord එකේ තියන  වචනෙ past කරන එක කරන්නෙ!මතක තියාගන්න මෙතනදි terminal clipbord එකේ තියන code තමා past වෙන්නෙ..…උදාහරණයක් විදිහට -
Clipbord : tech
Clipbord එකේ ඔහොම තියෙද්දි පහල වගේ තැනක cursor එක තියෙද්දි…
root@sltechzone :-# slzone
Ctrl + Y ගැහුවොත් පහල විදිහට cursor එක තියන තැනට clipbord එකේ වචනෙ වැටෙනව…
root@sltechzone :-# sl techzone
  
Alt + T
මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එකට ඉස්සෙල්ල තියන වචන දෙක මාරු කරන්න පුලුවන්.…උදාහරණයක් විදිහට 
root@sltechzone :-# sl tech zone 
ඔතන cursor එක තියෙද්දි Alt + T  ගැහුවොත් පහල විදිහට cursor එක තිබ්බ වචනෙයි ඉස්සෙල්ල වචනෙයි මරු වෙනව!
root@sltechzone :-# tech slzone

Alt + L
මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම් lowercase වෙනව…සින්හලෙන් කිවුවොත් simple වෙනව…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# SL TECH ZONE
ඔතන cursor එක තියෙද්දි Alt + L  ගැහුවොත් පහල විදිහට cursor එක තිබ්බ තැන ඉදන් වචනෙ අගට lowercase වෙනව!
root@sltechzone :-# SL TEch ZONE

Alt + U

මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම් uppercase වෙනව…සින්හලෙන් කිවුවොත් capital වෙනව…උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Alt + U  ගැහුවොත් පහල විදිහට cursor එක තිබ්බ තැන ඉදන් වචනෙ අගට uppercase වෙනව!
root@sltechzone :-# sl teCH zone

Alt + C

මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන අකුර capitalize වෙලා   වචනය ඉවර වෙන තැනට වෙනකම් cursor එක යනව … උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Alt + C  ගැහුවොත් පහල විදිහට cursor එක තිබ්බ තැන අකුර capital වෙනව……!
root@sltechzone :-# sl teCh zone
වචනෙ මුල ඉදන් ඕක use කලොත් පලවෙනි අකුර capital වෙලා cursor එක වචනෙ අගට යනව……!

Alt + D

මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් වචනය ඉවර වෙන තැනට වෙනකම් Delete වෙන එක… උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Alt + D  ගැහුවොත් පහල විදිහට cursor එක තිබ්බ තැන ඉදන් ඉවරවෙන තැනට delete වෙනව……!
root@sltechzone :-# sl te zone
වචනෙ මුල ඉදන් ඕක use කලොත් මුලු වචනෙම delete වෙනව……!

Alt + .

මේ shortcut එකෙන් වෙන්නෙ අන්තිමට run කරපු command එක පෙන්නන එක…

Ctrl + T

මේ shortcut එකෙන් අපිට code line එකේ cursor එක තියන තැන ඉදන් ඉස්සෙල්ල තියන Character දෙක මාරුවෙන එක… උදාහරණයක් විදිහට -
root@sltechzone :-# sl tech zone
ඔතන cursor එක තියෙද්දි Ctrl + T  ගැහුවොත් පහල විදිහට cursor එකට ඉස්සෙල්ල තිබ්බ character දෙක මාරු වෙනව……!
root@sltechzone :-# sl etch zone


  • දැන් බලමු terminal එකේ වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් shortcut ටිකක්…

Ctrl + L

මේ shortcut එකෙන් අපිට terminal එකේ තියන දේවල් එක පාර මකන්න පුලුවන්…මතක ඇති basic commands post එකේ කිවුව clear command එකක් ගැන…ඉතින් ඒ වැඩේම මේ shortcut එකෙන් කරගන්න පුලුවන්…

Ctrl + S

මේ shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි process එකක් run වෙනව පෙන්නනවනම් ඒ පෙන්නන නැති කරන්න පුලුවන්…ඒ උනාට process එක වැඩ කරනව …

Ctrl + Q

මේ shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි processවෙවී තියෙද්දි උඩ shortcut එකෙන් පෙන්නන් නැති කලානම් අපිට ආය terminal එකේ පෙන්නන විදිහට හදාගන්න පුලුවන් …

Ctrl + C

මේ shortcut එකෙන් අපිට terminal එකේ මොකක් හරි processවෙවී තියේනම් ඒක stop කරන්න පුලුවන්……

Ctrl + D

මේ shortcut එකෙන් අපිට terminal එකෙන් අයින් වෙන්න පුලුවන්…මතක ඇති Basic Command Post එකේ කිවුව exit command එක…ඉතින් ඒ වැඩේම ලේසියෙන් මේ shortcut එක පාවිච්චි කරල කරගන්න පුලුවන්…

Ctrl + Z

මේ shortcut එකෙන් අපිට terminal එකෙ foreground process වෙනවනම් නවත්තන්න පුලුවන්. …

Ctrl + Shift + T

මේ shortcut එකෙන් අපිට terminal එකෙ  අලුත් tab එකක් ගන්න පුලුවන් …

Ctrl + Shift + W

මේ shortcut එකෙන් අපිට terminal එකෙ  තියන tab එක close කරන්න පුලුවන් …

Ctrl + Shift + N

මේ shortcut එකෙන් අපිට terminal එකෙ  අලුත් window එකක් ගන්න පුලුවන් …

Ctrl + Shift + Q

මේ shortcut එකෙන් අපිට terminal එකෙ  තියන window එක close කරන්න පුලුවන් …

ඉතින් මේ වගේ තව shortcut ටිකක් තියේ ඒව බලාගන්න terminal එකේ right click කරල preference ගිහින් එන window එකේ වම්පැත්තෙ තියන Shortcuts කියන tab එකට යන්න!
එහෙනම් ඉතින් post එක ඉවර කරන්නයි හදන්නෙ…තව terminal ඒක open කරන්න shortcut එක මේ post එකේම දාන්න හිතාගෙන හිටියෙ ඒත්පෝස්ට් එක තව දික් වෙන නිසා වෙනමපෝස්ට් එකකින් ඉක්මනටම ඒක කියන්නම්!ඒකෙ පොඩි වැඩ ටිකක් තියේ කරන්න...ඉතින් මේ Post එක වැදගත් වෙයි කියල හිතනව…ප්‍රශ්න තියේනම් comment එකක් දාන් යන්න…වැරදි අඩුපාඩුත් ඇති දන්න අය ඒවත් comment කරන්නමාත් linux පාවිච්චි කරන්න අරගෙන ගොඩක් ලොකු කාලයක් නෑ…share පාරක් දාන්න!අපේ blog එකත් එක්ක දිගටම ඉන්න මේ වගේ post ඉස්සරහටත් දෙන්න බලාපොරොත්තු වෙනව….එහෙනම් මම කැපුන...
බුදු සරණයි!

Comments

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...