Skip to main content

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)


කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ…


HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න!




මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි…

<html>
<head>
<title>Colors</title>
</head>
<body>
<h1 style="background-color:Blue;">Blue Background Heading</h1>
<p style="background-color:Red;">This paragraph with red background.</p>
</body>
</html>




Code එක සරලව කිවුවොත්
<h1(or p) style=”background-color:පාට;>heading or paragraph</h1>
ඔය විදිහට තමා code වෙන්නෙ…දැන් බලමු text වල color වෙනස්කරන හැටි….
ඒකත් මුලින්ම උදාහරණයක් දෙන්නම්!

<html>
<head>
<title>Colors</title>
</head>
<body>
<h1 style="color:Blue;">Blue Color Heading</h1>
<p style="color:Red;">This paragraph with red text.</p>
</body>
</html>


ඒකෙත් code එක එන පිලිවෙල මේකයි ….
<h1(or p)  style="color:පාට;">Heading or paragraph</h1>
තේරෙන්න ඇති කියල හිතෙනව…දැන් බලමු heading එකට හරි paragraph එකට හරි border එකක් දාන හැටි…
<html>
<head>
<title>Color</title>
</head>
<body>
<h1 style="border:3px solid Red;">Headline with 3px Red Border</h1>
<p style="border:2px solid Blue;">Paragraph with 2px Blue Border</p>
</body>
</html>


උදාහරනෙ දැක්කහම තේරෙනව ඇති මේකෙන් border එකේ colore එක වගේම size එකත් වෙනස්  කරන්න පුලුවන් කියල…මේකෙ code වෙන විදිහ මෙහෙමයි …
<h1(or p) style=”border:(Border එකේ pixel ගාන) solid (පාට);”>Heading එක හරි Paragraph එක </h1>

හරි එහෙනම් අපිට color දාන්න පුලුවන් විදි කිහිපයකුත්  තියනව ….අපි උඩ උදාහරණ වලදි පාවිච්චිකලේ නිකම්ම color එකේ නම …මේ විදිහට අපිට ඕනෙ පාට දාන්න අමාරුයි…ඉතිeන් එකට විදි ඔඩක් html වලදි පාවිච්චි කරනව …මන් එකින් එක කියන්නම් උදාහරණත් එක්ක!

RGB values

rgb(රතු,කොල,නිල්)
මේ color වල එක පාටකින් එන්න ඕනෙ ප්‍රමානය 0 ත් 255 වෙනකම් දාන්න ඕනෙ …
Rgb(255,0,0) මේකෙන් රතු පාට ගන්න පුලුවන්…මේ code එක Photoshop වලින් ලේසියෙන්ම color picker එකෙන් ගන්න පුලුවන්..

Hexa

#RRGGBB
උඩකිවුව විදිහටම අංක වලින් දාපු අගය hexa(16 පාදයෙන්)දාන්න තියෙන්නෙ…
#00FF00 මෙකෙන් කොල පාට පෙන්නනව …
ඒවගේම hsl කරමේට පාට යොදන්න පුලුවන්…ඒකෙදිත් rgb වල වගේම hsl වරහනක් දාල (hue,saturation,lightness) දානව..
ඒ වගේම rgb hsl අගට තවත් a අකුරක් දාල විනිවිද පේන පරමානය අඩු වැඩි කරන්න පුලුවන්…
rgba(255,0,0,0.5)
hsla(0,100%,50%,0.3)
ඉතින් මේව code කරලම බලන්න …එතකොට තේරෙයි එන විදිහ…

එහෙනම් ඉතින් මේ post එකත් ඉවරයි..ගැටලු තියෙයිනම් comment කරන්න!වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට බලන්න share කරන්න!එහෙනම් මම කැපුන…
බුදු සරණයි!

Comments

Popular posts from this blog

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...