Skip to main content

Android PC එකේ Run කරමු![Phoenix OS]


කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් තවත් අලුත් පෝස්ට් එකක් අරගෙන ආව….මේපෝස්ට් එකෙන් කියන්න යන්නෙ Android අපේ ප්‍රදාන OS එකක් විදිහට PC එකේ Install කරන විදිහ…සිංහලෙන් කිවුවොත් Dual Boot කරන විදිහ! J ඉතින් මේ OS එක මට සෙට් උනේ PUBG Mobile PC එකේ Play කරන්න යදිදි…මුලින්ම පාවිච්චිකලේ Tensent Gaming Buddy Emulater එක…ඒකෙ Low දාල Play කලේ…Phoenix OS එක ගහල මන් ඒ PC එකේම Full Graphic Play කරනව කිසිම අවුලක් නැතුව!Key Mapping එහෙමත් Auto ගන්නව!ඉතින් වැඩි කතානැතුව වැඩේට බහිමු!

මුලින්ම අපිට මේ OS එක Install කරන්න Hard එකේ partition එකක් ඕනෙ!ඉතින් ඔයාල Windows ගහද්දි හදාගත්ත වැඩිපුර Partition එකක් තියෙයිනම් ඒක ඒක පාවිච්චි කරන්න පුලුවන්!එහෙම නැත්නම් අපිට windows එක ඇතුලදිම වෙන පාටිශන් එකකින් කොටසක් කඩා ගන්න පුලුවන්!මේකට අපිට Windows වල Disk Manager පහසුකම පාවිච්චි කරන්න පුලුවන්!ඒක කරන හැටිත් මන් කියන්නම්!

මුලින්ම This PC එකේ Right Click කරල Manage යන්න!

ඉතින් එතකොට Computer Management කියන Window එක Open වෙයි!

ඒකෙ වම් පැත්තෙ තියන ඒවගෙන් Disk Management කියන එකට යන්න!
ඔය වගේ එකක් එයි!මේකෙ මැද මන් පෙන්නල තියන තැන අපේ PC එකේ තියන Hard එකේ Partition ටික පෙන්නනව!Hard 1ට වඩා තියේනම් Disk 1 Disk 2 කියල තව පෙන්නයි!ඉතින් ඔතනින් ඔයාලට කොටසක් කඩාගන්න ඕනෙ Free Space එකක් තියන Volume එකක් තෝරගන්න!මම මෙතනදි C: එක තෝරගන්නව!ඒක Right Click කරල Shrink Volume එකට යන්න!

Shrink Volume ගියහම පහල වගේ Window එකක් එයි!

මේකෙ තියන දේවල් මන් එකින් එක විස්තර කරන්නම්!
 
1.මේකෙන් කියන්න දැන් Volume එකේ Size එක!
2.මේකෙන් අපිට Shrink කරන්න පුලුවන් උපරිම MB ප්‍රමානය පෙන්නනව!ඒකියන්නෙ මේ පාටිශන් එකෙන් වෙන් කරල හදන්න පුලුවන් ලොකුම පාටිශන් එක!
3.මෙතන අපිට කැමති Size එකක් දෙන්න පුලුවන් 2 දි තිබ්බ ගානට අඩු!මම Recommend කරන්නෙ 20GB විතර Partition එකක් හදල 16GB Internal Memory එකක් දෙන්න කියල!අපිට මේ OS එකට Internal Memory දෙන්න වෙනව ඉස්සරහදි….
4.මේකෙන් කියන්නෙ Shrink කලාට පස්සෙ අපේ තියන පාටිශන් එකේ Size එක මන් මෙතනදි උදාහරනයට ගත්තෙ C: Volume එකේ Size එක!

ඉතින් ඕය ටික හදල Shrink දුන්නහම Volume එක හැදෙන්න පටන් ගන්නව!අපිට පේන්න මොනවත් Process එකක් යන්නෑ…ඒත් Background එකේ රන් වෙනව!Task Manager එකට ගියහම පෙන්නයි!Shrink උනාට පස්සෙ ඉස්සෙල්ල තැන Partition එක පෙන්නයි අලුතින් හැදුනු!ඒක Right Click කරල Format කරල Letter එකක් දෙන්න!මේක මන් කරල පෙන්නන්න යන් නෑ ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න!

හරි ඉතින් Partition එකේ වැඩේ ඉවර උනාට පස්සෙ This PC එකේ පෙන්නයි partition එක…දැන් OS එක Install කරන වැඩේට බහිමු!

මුලින්ම අපි PhoenixOSIntraller එක ගන්න ඕනෙ!ඒකට මේ Link එකට යන්න!

ඔය පෙන්නල තියන Based on Android 7.1 එක යටතේ තියන Exe Installer එක Download කරගන්න!Official Download ලින්ක් එකෙන් ගන්න ලේසියි!

එතකොට මේ වගේ Instraller එක Download වෙයි!

ඒක Open කලාම මේ වගේ Window එකක් එයි! 
මුලින්ම තියන Install කියන එකට යන්න!


ඔය තැනින් අපි අර Disk Manger එකෙන් හදාගත්ත Volume එකේ Letter එක තෝරල Next කරන්න!


මෙතන තමා මන් ඉස්සෙල්ල කිවුව Internal Memory එක තෝරන්න එන්නෙ!මං ඉස්සෙල්ල කිවුව ගේ 20GB Partition එකට 16GB Data Size එකක් වගේ දුන්නනම් හොදා!මේක තමා අපේ Phoenix OS එකේ Internal Memory විදිහට වැඩ කරන්නෙ…දාන App ඒවගෙ Data ඔක්කොම ඔය ඉඩට තමා වැටෙන්නෙ…ඉතින් ඔයාගෙ අවශ්‍යතාවය අනුව ඕනෙ ගානට දාගන්න!

ඊට පස්සෙ Install දෙන්න!


ඉතින් ඔය විදිහට Install වෙන්න ගනී!ඔයාල දුන්න Internal Memory Size එක අනුව යන වෙලාව වෙනස් වෙන්න පුලුවන්!Install වෙලා ඉවර උනාම පහල වගේ Window එකක් එයි!

මෙතනින් Reboot Now කරල අපිට Phoenix Os එකට යන්න පුලුවන්!Resart වෙලා පහල විදිහට Loading වෙයි ටිකක් වෙලා පලවෙනි Boot එකේදි!

ඕක Loading උනාට පස්සෙ Phoenix OS Open වෙයි!සාමාන්‍ය Phone එකක් වගේ Google Play Log වෙලා ඕනෙ App,Games එහෙම ගන්න පුලුවන් …PUBG වලට එහෙමනම් Keybord Mouse settings Auto ම ගන්නව මේ OS එකේ තියන Game Helper කියන App එකෙන්!ඉතින් ආයෙත් PC එක On කරද්දි පහල වගේ OS එක තෝරන්න එනව!


ඔතනින් OS එකට යන්නත් පුලුවන්!නැත්නම් Windows Open උනාට පස්සෙත් Desktop එකේ හැදිල තියන Start Phoenix OS Shortcut එක පාවිච්චි කරලත් ලේසියෙන්ම Android OS එකට යන්න පුලුවන්!

ඉතින් මේ OS එකේ Mic අවුලක් එහෙම තියනව…ඒක Fix කරන හැටි වෙනම Post එකකින් දාන්නම්!මේකෙ අවුල් තැන් තියේනම් අනිවා Comment එකක් දාන්න!එහෙනම් පෝස්ට් එක මෙතනින් නවත්තනව…යාලුවන්ට දැනගන්න share පාරක් දාන්න!එහෙනම් මම ගියා!
බුදු සරණයි!



Comments

  1. Deta koccarak withara yanawada ban

    ReplyDelete
  2. Os eka gahuwahama dongal eka gahala intanet set kranna puluwanda

    ReplyDelete
    Replies
    1. Mn dongle use karalanam na...dongle ekath wada karay samahara wita!

      Delete
  3. 64 bit eka weda karrane nene???

    ReplyDelete
  4. Mama oka gahuwa et oya okkoma watenawa.habai atana ara ponix os eka hari windows eka hari torana tana.ponix os aka teruwama pc eka restart wenawa witarayne

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...