කොහොමද යාලුවනේ…Windows
ගැන post එකක් අද ගේන්න හිතුව…Linux ගැනයි Android ගැනයි අපි වැඩිපුර කතාකලේ…Windows
10 Usersලට පොඩි trick එකක් ගෙනාව task bar එක transparent කරගන්න…මුලින්ම කියන්න ඕනෙ
මේකට කිසිම softwear එකක් අවශ්‍ය නෑ…windows වල තියන registry editor එක තමා යොදාගන්නෙ…එහෙනම්
වැඩේ පටන් ගමු!
මුලින්ම
Run එක open කරගන්න…මේකට Win + R Shortcut එක වගේම Start Menu එකේ run search කරල
open කරගන්න පුලුවන්…Open කරාම මේ වගේ window එකක් එයි…
ඉතින් ඔය
Run එකේ රතුපාටින් පෙන්නන තැන regedit කියල type කරල OK කරන්න!
එතකොට
Registry Editor එක Open වෙයි!
ඔතන වම් පැත්තෙ
නිල් පාටින් පෙන්නන තැනින් තමා අපි Navigate වෙන්නෙ…ඒව ඉස්සරහ තියන > ලකුනුවලින්
Expand කරගන්න පුලුවන්…
මුලින්ම
HKEY_LOCAL_MACHINE කියන එක expand කරගන්න…
ඊට පස්සෙ
ඒකෙ තියන SOFTWARE කියන එක expand කරගන්න!
එක
expand කරාම ටිකක් දිගට folder ටිකක් පෙන්නයි…ඔතනින් Microsoft කියන එක හොයල
Expand කරගන්න!
ඒ එන ටිකෙන්
Windows Expand කරගන්න!
ඊට පස්සෙ
CurrentVersion !
දැන්
Explorer එක expand කරන්න!
දැන් Advanced
කියන එක Click කරන්න!
Click කලාට පස්සෙ දකුනු පැත්තෙ 3ක් පෙන්නයි…ඉතින් ඊට
යටින් තියන white space එකේ Right Click කරල New එකට යන්න!
New එකට ගියහම
එන Option වලින් DWORD (32-bit) Value කියන එක Click කරන්න!
එතකොට අර
3ක් තිබ්බ තැනට අලුතින් එකක් add වෙයි…ඒක rename කරන්න UseOLEDTaskbarTrasparency කියල
!
ඊටපස්සෙ ඒක
Duoble Click කරන්න!
ඔය වගේ
window එකක් open වෙයි!ඒකෙ Value data: කියන එකට 1 ක් දාල OK දෙන්න!
හරිදැන්
Registry Editor එකේ වැඩ ඉවරයි…ඒක close කරල දාල Desktop එකේ Right Click කරල
Personalize එකට යන්න!
ඉතින් ඔය
පහල වගේ window එකක් open වෙයි!
ඔය
window එකේ වම් පැත්තෙ තියන Colors කියන එකට යන්න!
දකුනු පැත්තෙ
පහලටම scroll කරහම More Options වල Transparency effects කියල Option එකක් තියේ ඒක
On කරන්න!
ඒ වගේම ඊට
යටින් තියන Title bars and window borders කියන එකට ටික් එක දාන්න!
දැන් PC එක
Restart කරල බලන්න!
උඩ ss එකේ වගේ තිබ්බ taskbar එක පහල ss එක වගේ වෙනස්
වෙලා ඇති!
windows
version එක අනුව ඕකෙ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන්!Latest update එකේනම්
Settings වල sidebar එකත් tranceparent වෙනව!
ඉතින් ඔයාලත්
කරල බලන්න!මොකක්හරි අවුලක් තියේනම් comment එකක් දාන්න!වැඩ කලොත් comment එකක් දාගෙන
යන්න windows version එක!එහෙනම් පෝස්ට් එක මෙතනින් නවත්තනව…ලගදිම අලුත් post එකකින්
set වෙමු!
බුදු සරණයි!








windows 10 version eka mokakda?
ReplyDelete