ඔන්න ඉතින්
Linux පෝස්ට් එකේ අලුත් පෝස්ට් එකක් අරගෙන ආව…ඔයාලට මතක ඇති Linux වල terminal එකේ
වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් Key Bord shortcut ටිකක් කිවුව…ඉතින් ඒ පෝස්ට් පොරොන්දු
උන විදිහට terminal එක ගන්න shortcut එකක් හදාගන්න හැටි තමා මේපෝස්ට් එකෙන් කියන්න
යන්නෙ!ඉතින් අර පෝස්ට් එක කියවපු නැති අය මේ ලින්ක් එකට ගිහින් කියවන්න : https://www.sltechz.tk/2018/10/linux-terminal-shortcuts.html
හරි එහෙනම්
වැඩි කතා නැතුව වැඩේට බහිමු!
මුලින්ම කාලි
ලිනක්ස් ඔන් කරගෙන උඩ බාර් එකේ දකුනුපැත්තෙ අයිනෙ තියන පහලට තියන ඊ හිස click කරන්න!
එතකොට පල්ලෙහාට
එන මෙනු එකෙන් setting button එක click කරල setting window එක open කරගන්න!
ඊට පස්සෙ
වම්පැත්තෙ තියන sidebar එකේ යටටම scroll කරල Devices එකට යන්න!
එතකොට පහල
පෙන්නනව වගේ window එක එයි!
ඕකෙ තියන
Keyboard කියන එක ඊට පස්සෙ click කරන්න!
එතකොට ඔය
විදිහට Keyboard shortcut set එකක් පෙන්නයි!ඒකෙ යටටම scroll කරහම + mark එකක් පෙන්නයි!ඒක
click කරන්න!
ඉතින් මේ
එන ටික fill කරන්න තියෙන්නෙ හරියට ඊටපස්සෙ!
Name :
terminal
Command
: gnome-terminal
ඔය ටික
fill කරල set Shortcut කියන එක click කරන්න!
මෙතෙනදි අපිට
කැමති shortcut key 3ක් select කරන්න පුලුවන්…සාමාන්‍යයෙන් Ctrl+Alt+T තමා මේකට දාන්නෙ!
Key ටික දැම්මට
පස්සෙ ඔය වගේ key ටික පෙන්නයි!ඊට පස්සෙ Add
දෙන්න!
ඊට පස්සෙ
shortcut key ඔබල බලන්න terminal එක open වෙනවද කියල!
හරි ඉතින්
වැඩේ තේරෙන්න ඇති කියල හිතනව!ප්‍රශ්න තියේනම් comment කරන්න!යාලුවන්ට දැනගන්නත් එක්ක
share පාරක් දාන්න!ඉතින් මේ වගේ තවත්පෝස්ට් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනව…අපේ බ්ලොග්
එකත් එක්ක දිගටම ඉන්න කියල අරාදනා කරනව!එහෙනම් මෙතනින් පෝස්ට් එක ඉවර කරනව!අපි ගියා!
බුදු සරණයි!
ekath patta
ReplyDeleteEla!
Delete