හලෝ යාලුවනේ.කාලෙකින් අද පෝස්ට් එකක් අරගෙන ආව තවත් ඔයාලට වැදගත් කියල හිතුන දෙයක් ගැන.Termux කියන ඇප් එක සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන තමා අද ඉදන් ඔයාලට කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන දන්නව ඇති එයාලත් වැරදි තියෙයිනම් ඒවත් පෙන්නන ගමන් නොදන්න අය ඉගෙනගන්න.එහෙනම් පටන් ගමු.
Termux කියන්නෙ Linux environment එකක් තියන Android Terminal emulater එකක්.ටර්මිනල් කිව්වම ලිනක්ස් පාවිච්චි කරන අය දන්නවනෙ.ඒ කියන්නෙ මේ ඇප් එකෙන් පුලුවන් අපිට අර ටර්මිනල් එකේ කරන කෝඩ් පුරුදු වෙන්න ඒකට ගන්න tools අරගෙන ඒව පාවිච්චි කරන්න වගේ දේවල් ගොඩක් කරන්න.Termux ඇප් එක ඉන්ස්ටෝල් කරද්දිම අපිට ඕන කරන අවම base system එකත් ඉන්ස්ටෝල් වෙනව.අනිත් ඕන කරන ඒව ගන්න apt package manager එක පාවිච්චි කරන්න පුලුවන්.ඒ ගැන තේරෙයි ඉස්සරහට යද්දි.
මුලින්ම Play store හරි එහෙම නැත්තම් මේ ලින්ක් එකට ගිහින් හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න
Download Link
මේකෙ ටයිප් කරද්දි අපිට සාමාන්‍ය ෆෝන් එකට එන කීබෝඩ් එක පාවිච්චි කරන්න අමාරුයි.මොකද සමහර වෙලාවල් වලදි අපිට alt එකත් එක්ක මොකක්හරි key එකක් ටයිප් කරන්න උනොත් ප්‍රශ්නයක් වෙනව.ඒකට Play store එකෙන්ම Hacker's Keyboard එක ඩවුන්ලෝඩ් කරගන්න.නැත්තම් මේ ලින්ක් එකට යන්න.
Download Link
ඔන්න ඒ සේරම හරිනම් වැඩේ පටන් ගමු.ඔයාලට මුලින්ම ඇප් එක ඕපන් කරපු ගමන් මේ වගේ Interface එකක් බලාගන්න පුලුවන්.
අපි ගන්න Tools පාවිච්චි කරන්න මුලින්ම අපි Storage Location හදාගෙන ඉන්න ඕනෙ.ඒකට මෙහෙම ටයිප් කරල enter කරන්න.
termux-setup-storage
එතකොට අහනව permission දෙන්න ඒක allow දෙන්න.ඔන්න දැන් Storage Location එකත් හදාගත්ත.
ඊලගට අපි ඉන්ස්ටෝල් කරගමු git පැකේජ් එක.මොකද අපිට ඕන ගොඩක් ටූල්ස් තියෙන්නෙ www,github.com කියන සයිට් එකේ.මේ command එක ටයිප් කරල enter කරන්න.
pkg install git
ඊලගට Continue කරන්නද අහනව ඒකට y දෙන්න.
ඔන්න අපි දැන් ලෑස්තී Termux එකෙන් වැඩ ගන්න.අද පෝස්ට් එකෙන් ඔතනට වෙනකල් ඇති.දැනට බලමු මේ වෙනකල් කරපු ටිකෙන් පස්සෙ ඇප් එකෙන් අයින් වෙන විදිහ.මේක සාමාන්‍ය ඇප් එකක් වගේ close කරල දාන්න බෑ.ඔයාල ඒකට exit කියන command එක පාවිච්චි කරන්න ඕනෙ.
පලවෙනි දවස හන්ද මුලින්ම දැන් කරපු ටිකෙන් පිරිල තියන Screen එක සුද්ද කරල දාන්න.ඒකට ඔහොම්ම Clear කියල ටයිප් කරල enter කරන්න.දැන් ඇප් එකෙන් අයින් වෙන්න exit ටයිප් කරල enter කරන්න.එතකොට ආපහු enter කරන්න කියනව.ආපහු පාරක් enter කරපු ගමන් අපි ඇප් එකෙන් අයින් වෙනව.ලිනකස් කෝඩ් දන්න අයනම් storage එක බලාගන්න දන්නව ඇති.නොදන්න අයටත් එක්ක කියන්නම්.අපි හදපු Storage Location වැඩද බලන්නත් එක්ක ආපහු ඇප් එක ඕපන් කරගන්න.දැන් cd කියල ටයිප් කරල enter කරන්න.ඊලගට ls කියල ටයිප් කරල enter කරන්න.දැන් පෙන්නයි අපි දාල තියන ටූල්ස් එක්කම ෆෝන් storage එකත්.ලිනක්ස් බේසික් command ටික බලාගන්න අපෙ තිලිණ ලියපු පෝස්ට් එක බලන්න.මාත් ගොඩක් අහගන්නෙ උගෙන් තමා🙈🙈.
එහෙනම් අදට පෝස්ට් එක ඉවරයි.තව අලුත් දෙයක් එක්ක ඉක්මනට හම්බෙමු.කමන්ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා වගේම මේ ගැන උනන්දු යාලුවන්ටත් සයිට් එක ගැන කියන්න අමතක කරන්නෙපා💗💪.අපි ගියා එහෙනම් ජයවේවා කට්ටියටම.බුදුසරණයි !!!
#ALEX
No One is Safe Security is a Joke
Machan meken krnna puluwn dewl gent post ekak daapmko plz
ReplyDeleteEla ela bn ekata thama me patan gatte.mula idanma hitapan touch eke
DeleteMachan termux-setup -storage gahuvata vade hari giye nee kauru hari udaw karapanko
ReplyDeleteFB Request ekak dapan macho
Delete