Skip to main content

HTML මුල සිට සරලව!!! ( 1 කොටස)




කොහොමද යාලුවනේ....ඉතින් අලුත් පොස්ට් සෙට් එකක් අද පටන් ගන්නයි යන්නෙ... HTML ගොඩක් අය දන්නවත් ඇති...HTML කියන්නෙ වෙබ් සයිට් හදන්න ගන්න language එකක්...Hyper Text Markup Language කෙටි කරල තමා අපි html කියල කියන්නෙ...නමෙම්ම තේරෙනව මේක  මොකක්හරි දෙයක් පෙන්නන්න බාවිතා කරන දෙයක් කියල...

ඉතින් මේ html වලින් හදන site එකේ customize පැත්ත  බාරගන්න ඉන්නෙ css ...මේ ගැන පොස්ට් සෙට් එකකුත් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනව...Html තනිකර  දුවන්නෙ tag වලින්....අපි tag එකක් “ <  > “ ඇතුලෙ තමා type කරන්නෙ..ඊට අමතරව attributes , values වගේ දේවල් භාවිතා වෙනව....
 
හරි එහෙනම් html page එකක් හදන හැටි බලමු...
අපිට මේකට පාවිච්චි කරන්න පුලුවන් notepad එක...මමනම් recommend කරන්නෙ notepad++ .... මේ ලින්ක් එකෙන් notepad ++ ගන්න : https://notepad-plus-plus.org/download/

හරි එහෙනම් html එකක් හදන්න පටන්ගමු...
මුලින්ම notepad එක open කරගන්න...ඊට පස්සෙ මේ විදිහට code කරන්න...

<html>

<head>

<title>My First Web Page</title>

</head>

<body>





</body>

</html>

හරි දැන්  මේ tag වලින් වෙනදේ  බලමු...

<html> - html page එකක් හියල හදුනගන්න දාන tag එකක් මේක...මේ tag එක open tag එකක් විදිහට හදුන්වන්න පුලුවන්....code එකේ යටින්ම තියන “ / “ එක්ක තියන html tag එක close tag එකක්... 
" </html> "

<head> - මේ tag එක යටතෙ තමා  title එකවගේම java script , css වගේ දේවල් link කරන්නෙ...

<title> - මේ tag එකෙන් අපිට Page එකේ title එකේ title එක දෙන්න පුලුවන්...title එක පෙන්නන්නෙ browser එකේ tab එකේ...

<body> - මේ tag එක ඇතුලෙ දාන දේවල් තමා අපිට web browser එකේ පේන්න තියෙන්නෙ....

අනිවාර්යයෙන් මතක තියාගන්න open කරපු tag එකක් වහන්න....නැත්නම් පේජ් එකේ පෙන්නන දේ සම්පූර්නයෙන් වෙනස් වෙන්න පුලුවන්....සමහර tag තියනව close tag එකක් නැති....තව දෙයක් මේ tag Independently Case Sensitive...ඒ කියන්නෙ අපි tag එක පටන් ගද්දි ගහපු capital simple අකුරු ඒ ඉදිහටම close tag එකෙත් ඒ විදිහටම  තියෙන්න ඕනෙ උදාහරනයක් විදිහට <html> </html> , <HTML> </HTML> , <Html> </Html> , <HtMl> </HtMl> tag යොදන්න් පුලුවන්...ඒ උනාට මේ විදිහට <html> </HTML> යොදන්න බෑ.... 

 හරි අපි දැන් මේක save කරන හැටි බලමු...


අපිට notepad එකේ වම් පැත්තෙ උඩ තියන file එකට ගිහින් save වලට ගිහින් පුලුවන්...නැත්නම් Ctrl + S ඔබල ලේසියෙන්ම save window එක ගන්න පුලුවන්...



ඔය පෙන්නල තියන window එකේ 1 කියල නම් කරල තියන තැන අපේ page එක save කරන්න ඕනෙ name එක දෙන්න...ඊට පස්සෙ “ . “ එකක් තියන html හෝ htm කියල type කරන්න....ඔයාලගේ page එක හදන්න unicode font පාවිච්චි කලානම් 2 කියල නම් කරල තියන තැන ANSI වෙනුවට Unicode දාල save කරන්න.....

හරි ඉතින් මූලිකවම කියන්න තියෙන්නෙ ඔය ටික තමයි....දිගටම අපේ blog එකත් එක්ක රැදී ඉටින්න කියල ආරාධනා කරනව...ඊලග post එකෙන් ඉක්මනටම සෙට් වෙමු...
බුදු සරණයි!!!


Comments

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...