හලෝ යාලුවනේ.අද කියාදෙන්න යන්නෙ අලුත් මාතෘකාවක් ගැන.Command Prompt එහෙම නැත්තම් කවුරුත් අහල තියන විදිහට cmd එක ගැන තමා අද ඉදන් කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන අහල තිබ්බට දැකල තිබ්බට හරියට පාවිච්චි කරන හැටි ,මොනවද මේකෙන් කරන්න පුලුවන් කියන කිසිදෙයක් දන්නෑ.ඉතිං මං හිතුව මුල ඉදන්ම මේ ගැන කියාදෙන්න.සරලව පටන් අරන් හැමදාම පෝස්ට් දාන මාතෘකාව වෙච්ච Hacking පැත්තටත් කොහොමද මේ cmd එක පාවිච්චි කරන්න පුලුවන් කියල අපි බලමු💜🙈.වැඩි කතා නැතුව එහෙනම් මාතෘකාවට එමු.
Command Prompt කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක විධාන රේඛා පරිවර්තන මෘදුකාංගය.ටිකක් අවුල් වගේනම් command line interpreter application කියහන්කො කවුරුහරි ඇහුවොත්😁.එහෙම කියන්නෙ මේක රන් වෙන්නෙ අපි දෙන command වලට.ඉස්සරහට යද්දි පැහැදිලි වෙයි.මේකට අපි දෙන command ගොඩක්ම Script සහ batch file.ඒ මොනාද කියලත් ඉස්සරහට කියන්නම්.මේ command prompt එක පාවිච්චි කරල අපිට පුලුවන් සාමාන්‍ය ක්‍රම වලින් කරන්න බැරි ගොඩක් වැඩ කරගන්න.ඒ කිව්වෙ උදාහරණ විදිහට ගත්තොත් ෆෝමැට් කරන්න බැරි පෙන් එකක් ෆෝමැට් කරගන්න,ඔටෝරන් වගේ පොඩි වයිරස් එකක් ගාඩ් නැතුව අයින් කරගන්න,ඩිලිට් කරන්න බැරි ෆයිල් හදාගන්න වගේ පොඩි දේවල් වලින් ගත්තම තව ගොඩක් advance දේවල් කරන්න මේ cmd පාවිච්චි කරන්න පුලුවන්.
Command prompt එකට Windows Command Processor කියලත් කියනව.කෙටියෙන් අපි cmd කියල කියන්නෙ මේ ෆයිල් එකේ නම cmd.exe හන්ද.ගොඩක් අය වැරදියට හිතන් ඉන්නව මේ MS-DOS කියල.ඒත් තේරුම් ගන්න cmd එක කියන්නෙ MS-DOS වල පුලුවන් වැඩ පෙන්නන Programme එකක් මිසක් MS-DOS නෙමෙයි කියල👌. එහෙනම් අපි පටන්ගමු පාඩම.
මුලින්ම cmd එක ඕපන් කරගන්න.හොයාගන්න අමාරුනම් සර්ච් කරන්න නැත්තම් Windows key + R ඔබල run එක ආවම cmd කියල සර්ච් කරන්න. එතකොට ඕපන් වෙනව command prompt එක. මුලින්ම අපි බලමු folders ආශ්රිත වැඩ වලට මේ cmd එක පාවිච්චි කරන්නෙ කොහොමද කියල.

Folder Navigate
මේ කියන්නෙ අපෙ කම්පියුටර් එකේ තියන ෆෝල්ඩර් එකකට යන්නෙ කොහොමද කියන එක.මේකට පාවිච්චි කරන්නෙ cd කියන command එක.CD කියන්නෙ Change Directory....
අපි cmd එක ඕපන් කරල cd\ කියල ටයිප් කරොත් directory tree එකේ උඩටම යනව.ඒකට උදාහරණයක් විදිහට cmd ඕපන් කරපු ගමන් cd\ ටෙස්ට් කරල බලමු.

ඕපන් වෙද්දිම locate වෙලා තියෙන්නෙ පලවෙනි ෆොටෝ එකේ විදිහට ගත්තම C Drive එකේ users කියනෆෝල්ඩරේ user ෆෝල්ඩර් එක.අපි cd\ ටයිප් කරල enter කරාම C Drive එකේ මුලටම යන්න පුලුවන්.
NOTE:cmd එක case sensitive නෑ.ඒ කියන්නෙ කැපිටල් සිම්පල් කොහොම ගැහුවත් එකයි.cd,CD,cD කෝක ගැහුවත් එකම දේ තමා වෙන්නෙ.
cd\ පාවිච්චි කරල අපි C Drive එකේ මුලටම ආව.අපි හිතමු දැන් අපිට යන්න ඕනෙ c වල windows ෆෝල්ඩරේ system 32 ෆයිල් එකට කියල. ඒකට ඔය පහල ෆොටෝ එකේ වගේ ටයිප් කරන්න මේ කෝඩ් එක.
cd windows\system 32\
cd windows\system 32\
අපි හිතමු එක ෆෝල්ඩර් එකක් ආපස්සට යන්න ඕනෙ කියල.ඒකට පාවිච්චි කරන්නෙ cd..
මේකෙ විදිහටනම් අපි දැන් system 32 ෆෝල්ඩරේ ඇතුලෙ ඉන්නෙ.ඉතින් අපිට ඕනෙ ආපහු windows ෆෝල්ඩරේට යන්නනම් cd.. ටයිප් කරල enter කරන්න.එතකොට ඔයාලට පෙනෙයි පහල ෆොටෝ එකේ වගේ Directory එක C:\Windows කියල වෙනස් වෙලා තියනව.
Access a certain drive
දැන් අපි බලමු කොහොමද වෙන ඩ්‍රයිව් එකකට යන්නෙ කියල.ඒකට ඔයාලට කරන්න තියෙන්නෙ Drive Name: ගහල enter කරන එක.ඒ කිව්වෙ අපි දැන් කරගෙන ආපු විදිහට දැන් ඉන්නෙ c එකේනෙ.D එකට යන්නනම් D:පාවිච්චි කරන්න.
හිතන්න අපිට දැන් ආපහු C වල windows ෆෝල්ඩරේට යන්න ඕනෙ කියල.එතකොට drive එකයි Directory එකයි දෙකම මාරු වෙනවනෙ.ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන්නෙ /d කියන command එක.දැන් බලමු අපි අර හිතපු වැඩේ කොහොමද මේ command එකෙන් කරගන්නෙ කියල.
cd /d C:\Windows
දැක්ක නේද ආපහු windows ෆෝල්ඩරේට ගිය හැටි.
View the contents of a folder
දැන් බලමු කොහොමද අපි cmd එකේ ඉදන් ෆෝල්ඩරේක අන්තර්ගත දේවල් බලන්නෙ කියල.මේකට අපි dir කියන command එක පාවිච්චි කරනව.පහල තියෙන්නෙ Amila කියන ෆෝල්ඩරේ ඇතුලෙ තියන දේවල්.
මේක cmd එකෙන් බලාගන්නනම් අපිට ඕන ෆෝල්ඩරේට ගිහින් (කලින් කියාදුන්න ඒව පාවිච්චි කරල) Dir කියල ටයිප් කරල enter කරන්න.
Create a new folder
cmd එකෙන්ම අපිට පුලුවන් අලුත් ෆෝල්ඩරයක් හදාගන්න.ඒකට MKDIR කියන command එක පාවිච්චි කරනව.සරල උදාහරණයක් විදිහට මම මගෙ ෆෝල්ඩරේ ඇතුලෙ New කියල ෆෝල්ඩර් එකක් හදනව.පහල ෆොටෝ එක බැලුවම තේරෙයි.
දැන් ඒක හැදුනද කියල සැකයි වගේනම් මේ වගේ ආපහු contents ටික බලහල්ල.එතකොට පෙනෙයි අලුතින් ෆෝල්ඩරේකුත් ඇඩ් වෙලා තියන හැටි.
Delete files and folders
අපි දැන් බලමු කොහොමද ෆෝල්ඩර් එකක් cmd command එකකින් ඩිලිට් කරගන්නෙ කියල.ඒකට අපි del කියන command එක පාවිච්චි කරනව.උදාහරණයක් විදිහට මගෙ ෆෝල්ඩරේ හදපු new කියන එක delete කරමු.
ඒකට අපිට ඩිලිට් කරන්න ඕන ෆෝල්ඩරේ තියන තැනට ගිහින් del new කියල ටයිප් කරල enter කරන්න.එතකොට අහනව Y/N ඒකෙන් Y දීල enter කරහම ඒ ෆෝල්ඩරේ තිබුන සේරම මැකිල යනව.
අපිට ඕනෙ එක දෙයක් විතරක් මකාගන්නනම් අදාල ෆයිල් හෝ ෆෝල්ඩරේ නම පාවිච්චි කරන්න del command එකත් එක්ක.
Del Newyork Night.jpg වගේ.
පහලින් තියෙන්නෙ del එකත් එක්ක පාවිච්චි වෙන පොඩි tricks ටිකක්.
DEL *.DOC - ෆෝල්ඩරේක .doc ෆෝමැට් එකේ ෆයිල් ඔක්කොම මකන්න පුලුවන්.doc විතරක් නෙමෙයි ඔතන වෙනස් කරල ඕනම extention එකක් පාවිච්චි කරන්න පුලුවන්.
DEL Test*.* - ටෙක්ස්ට් ෆයිල් ඔක්කොම මකන්න.
DEL *.* - දැන් ඉන්න ෆෝල්ඩරේ ඔක්කොම දේවල් මකන්න.
del command එකෙන් විතරක් නෙමෙයි ෆෝල්ඩර් මකන්න පුලුවන්.මොකද del එකෙන් හංගපු ෆෝල්ඩර් එහෙම අයින් වෙන්නෙ නෑ😁😁.ඒකට del වෙනුවට rd කියන command එක පාවිච්චි කරල ෆෝල්ඩර් මකන්න.
ඔන්න එහෙනම් ඔය ටික තමා මූලිකවම cmd ගැන කියන්න තියෙන්නෙ.වැරදි තියෙයිනම් කියාගෙන පලයල්ල.ඉස්සරහට තව හොද දේවල් බලාගන්න පුලුවන්.එතකල් සයිට් එකත් එක්ක දිගටම ඉන්න💓.
එහෙනම් ජයවේවා ඔක්කොටම.බුදුසරණයි !!!
#ALEX
❤️🥰
ReplyDelete