Skip to main content

මොනවද මේ Brute Force Attack ???


හලෝ ගායිස්.....කොහොමද කට්ටියටම.අද කියන්න යන්නෙ පොඩි මාතෘකාවක් ගැන.Brute Force කියන වචනෙ පුරුදු ඇති  Hacking ගැන උනන්දු උන්ටනම්😎.මේ පෝස්ට් එක ඒ ගැන අහල තිබ්බට හරියට පැහැදිලි කරන්න දන්නැති අයට.දන්න උන් වැරදි තියෙයිනම් අනිවා කමන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා.පොඩි මාතෘකාවක් කිව්වෙ පැහැදිලි කිරීමක් හන්ද.කරන හැටි ගැන වෙනමම කියාදෙන්නම්.

Brute Force Attack කියල කියන්නෙ සරලවම කිව්වොත් කාගෙහරි  අකවුන්ට් පාස්වර්ඩ් , PIN අංක වගේ දේවල් ගන්න පාවිච්චි කරන trial-and-error කියන ගණයට වැටෙන ක්‍රමයක්.Brute Force Attack එකකදි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නෙ  අපිට ඕන කරන ඩේට එකට 100% ක්ම ගැලපෙන දේ හදාගන්න.ඒ කියන්නෙ තේරෙන විදිහට කිව්වොත් පාස්වර්ඩ් එකක් වගේ දෙයක්නම් ඒ පාස්වර්ඩ් එකම Genarate කරගන්න ලේසිවෙන්න. network security වල ඩේට Encrypt කරල ගේම් දෙන්නත් හැකර්ල මේ Brute Force Attack පාවිච්චි කරනව.මේකටම තමා brute force cracking කියල කියන්නෙත්.

 Brute Force Attack වලත් එක එක වර්ග තියනව.උදාහරණයක් විදිහට  එකක් තමා  dictionary attack.ඒ කියන්නෙ dictionary එකක තියන ඔක්කොම වචනත් එක්ක සසදල බලල ඒ වචන වලින් එකක්හරි ගෑවිලා තියන පාස්වර්ඩ් එකක් සෙනිකව හොයාගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.අනිත් Attack වර්ග  තමා අකුරු ඉලක්කම් සිම්බල් වගේ කලවම් උන වචන හොයාගන්න පාවිච්චි කරන්නෙ.මේ Brute Force Attack එකක් සාර්ථක වෙන්නෙ ඒ පාස්වර්ඩ් එක අනුව.ඒ  කියන්නෙ අකුරු ඉලක්කම් සිම්බල්  කලවම් උන දිග වචනයක්නම් කාලයක් බලන් ඉන්න වෙන වැඩක්.මොකද  වචන එක එක ට්‍රයි කරල ඊටපස්සෙ ඉලක්කම් කලවම් උන හැටි හදාගෙන ඒවත් ට්‍රයි කරද්දි සෑහෙන කාලයක් යන්න පුලුවන්.
ඒ හන්ද උබලත් පාස්වර්ඩ් එකක් දාද්දි ඔක්කොම කල්වම් වචනයක් හදාගනින්.
උදාහරණයක් ගත්තොත් mynameisamila කියල පාස්වර්ඩ් එකක් දාන්න හිතනවනම් myName!s@mil@ වගේ.ඕකට ඕනිනම් උපන්දිනේ පොඩි කෑල්ලක් , නැත්තම් ID නම්බරේ  පොඩ්ඩක් වගේ දැම්මනම් ලොවෙත් හොයාගන්න බෑනෙ😜.i අකුර වෙනුවට ! a අකුර වෙනුවට @ වගේ දාල strong  පාස්වර්ඩ් එකක් හදාගනිල්ල.Brute Force Attack කියන්නෙ මොකක්ද කියලත් කියාදීල එවගෙන් ආරක්ශා වෙන හැටිත් ඔන්න කිව්ව.ඊලග පෝස්ට් එකෙන් බලමු කොහොමද Brute Force Attack එකක් කරන්නෙ කියල😍😍.එහෙනම් අදට අපි ගියා.වැරදි අඩුපාඩු කියාගෙන යන ගමන් යාලුවන්ටත් කියහල්ල අපි එක්ක සෙට් වෙන්න කියල.

එහෙනම් ජයවේවා ඔක්කොටම බුදුසරණයි!!!!

#ALEX

Comments

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...