කොහොමද යාලුවනේ...ඉස්සෙල්ල පෝස්ට් එකට හොද ප්‍රතිචාරයක් ලැබුන
නිසා Linux ගැනම පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව...ඔයාල දකින්න ඇති මන් දුන්න tut වල
තියන ss වල terminal එකේ උඩින් SL TECH ZONE කියල බැනර් එකක්...ඉතින් මේක දාන හැටි
තමා අද කියන්න යන්නෙ....හරි හෙනම් වැඩේ පටන් ගමු...
මුලින්ම Linux OS එක on කරගෙන...නෙට් connect කරගන්න....
දැන් terminal එක open කරගන්න....
මේ බැනර් එක හදන්න අපි යොදාගන්නෙ figlet කියන pkg එක...මීට
අමතරව මීට වඩා customize කරන්න පුලුවන් toilet කියන pkg එකෙන්....මං මෙතනදි figlet
යොදාගන්නව...මුලින්ම figlet දාගන්න ඕනෙ linux එකට...ඒකට මෙහෙම command එක දෙන්න...
root@sltechzone:-# apt-get install figlet
ඒක install වෙලා ඉවරවෙලා මේ වගේ එයි...
හරි දැන් figlet හරි...දැන් බලමු මේ බැනර් එක විදිහට මේක
දාගන්නෙ කියල...terminal එකේ මෙහෙම type කරන්න...
root@sltechzone:-# cd /etc/
Folder එකේ තියන දේවල් බලාගන්න ඕනෙ නිසා මෙහෙම cmd කරන්න..
root@sltechzone:-# ls
මේ වගේ තියෙන file ටික බලාගන්න පුලුවන්...අපිට වෙනස්කම් කරන්න ඕනෙ මෙන්න මේ bash.bashrc file එක...ඉතින් මේ file එක හොයාගෙන නම copy කරල තියාගන්න...
Terminal එකෙන්ම මේ file එක edit කරන්න පුලුවන් nano pkg
එකෙන්...ඉතින් මෙහෙම cmd එක දෙන්න..
root@sltechzone:-# nano bash.bashrc
දැන් nano එකෙන් මේ file එක open වෙයි...
දැන් ඔය page එකේ යටටම යන්න...ඊටපස්සෙ මෙහෙම cmd එක දෙන්න...
figlet “බැනර් එකේ වැටෙන්න ඕනෙ නම”
ඊට පස්සෙ Ctrl + X ගහන්න...ඊට පස්සෙ yes දෙන්න.. Y ඔබල
enter කරන්න...
Rename කරන්න අහයි ඊට පස්සෙ වෙනස් නොකර enter දෙන්න...
දැන් ඕකෙන් exit වෙලා අලුත් terminal එකක් ගන්න...
මේ වගේ බැනර් එකක් වැටිල තියෙයි එතකොට...
හරි ඔන්න ඔහොමයි ඒක වෙන්නෙ...ඉතින් මොකක් හරි ප්‍රශ්නයක්
තියෙයිනම් comment එකක් දාගෙන යන්න....ඉතින් මේව ගේ තවත් post එකක් අරන් ඉක්මනින් එන්නම්...ඔයාලට
ඕනෙ විශේශ පෝස්ට් fb msg එකක් දාල කියන්න... [ http://facebook.com/tnimesh1 ]...පුලුවන් විදිහට post එකක් හදල දාන්නම්...එහෙනම්
අපි කැපුන....
බුදු සරණයි....!!!
Comments
Post a Comment