Skip to main content

WIndows Login Password බයිපාස් කරමු



අද කට්ටියට කියලදෙන්න දන්නෙ කොහොමද Windows 7 login password bypass කරන්නෙ කියල.බොහෝදුරට මේක 8 වල වැඩ කරයි ඒත් 10 වලනම් නෑ.10 වල කරන හැටි වෙනම පෝස්ට් එකකින් කියාදෙන්නම්.වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු.
දැන් උබල පාස්වර්ඩ් නොදන්න  PC එක ඔන් කරල lock screen එක ආවට පස්සෙ ආපහු restart කරන්න.ඊටපස්සෙ කරන්න තියෙන්නෙ Windows ලෝඩ් වෙනකොට  power button එක ඔබල හරි නැත්තම් ස්විච් එක ඕෆ් කරල හරි මැශින් එක ඕෆ් කරගන්න එක.මතක තියාගන්න මේක කරන්නෙ  Windows ලෝඩ් වෙද්දි.හොද නෑ තමා ඒත් ඒත් එක පාරනෙ බන්😀😀.

ඔන්න ඊටපස්සෙ මැශින් එක ඔන් කරද්දි පහල 01 විදිහෙ තිරයක් එනව.දැන් වැඩේ පටන් ගමු.

01.ඔතනින් Launch Startup Repair තෝරන්න .

02.ඊටපස්සෙ ටිකක් වෙලා ලෝඩ් වෙලා අහනව Restore කරන්නද කියල.ඒක Cancel දෙන්න.


03. ඊලග appear එකට යන්න විනාඩි 7ක් විතර load වෙවී තියෙයි ඉවසීමෙන් හිටහල්ල.ඊටපස්සෙ එනව මෙහෙම තිරයක්.ඔතන send , don’t send මොකුත් නැතුව ඔය පෙන්නල තියන problem Details  ක්ලික් කරන්න.ඊට පස්සෙ එන Details වල පහලටම ගිහාම තියෙයි txt ෆයිල් එකක ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.ඔය පෙන්නල තියෙන්නෙ ඒක.

04. ඊටපස්සෙ Notepad එකක් Open වෙනව මේ වගේ.ඔතන File→ Open



 05.එතනින් පස්සෙ Windows තියන Partition එක open කරල පෙන්නල තියනව වගේ File type එක All Files දෙන්න.


06.ඊලගට Windows→ System 32 වලට ගිහින් sethc කියන file එක හොයාගෙන ඒක sethc0 කියල rename කරන්න.ඔය ඕ අකුර නෙමෙයි බිංදුව හොදේ 😂😂

07.ඊටපස්සෙ cmd එතනම තියන cmd කියන file එක හොයාගෙන ඒකෙ කොපියක් අරන් පේස්ට් කරල ඒක rename කරන්න sethc කියල.





08.දැන් වින්ඩෝස් ඔක්කොම close කරල Finish දෙන්න.ඊටපස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි.


09.ඔන්න දැන් තමා අන්තිම ලේසිම කොටස.Lock screen එකට ආවට පස්සෙ Shift එක 5 පාරක් press කරහන්.දැන් තේරෙනවනෙ අරහෙම ෆයිල් rename කරේ ඇයි කියල 😉.එතකොට Command Prompt එක open වෙනව.

10.ඕකෙ net user කියල ටයිප් කරල enter කරාම එයි Account Name ටික එහෙම.ඊටපස්සෙ ටයිප් කරහන්

              net user පාස්වර්ඩ් අයින් කරන්න ඕන Account name එක  *
උදා :- account name එක Alex නම්  net user Alex *
ඔය හැම වචනයක් ඉවරවෙලා ඊලග එක පටන්ගන්නෙ space එකක් තියල හොදේ.ඔහොම ටයිප් කරල enter කරහම  උබලට ඕනෙනම් වෙන පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්.එහෙම කරල enter කරාම ආපහු ඒකම ටයිප් කරන්න කියනව.ඒකත් කලින් එකම ටයිප් කරල enter කරහම අලුත් පාස්වර්ඩ් එකකුත් එක්ක computer එක උබෙ අතේ 💪😍.


එහෙම නැතුව නිකම්ම net user Alex * වලින් පස්සෙ Enter කර කර  හිටියනම් පාස්වර්ඩ් අයින් වෙලා යනව.
ඔන්න ඔහොමයි Software පාවිච්චි නොකර password bypass කරන්නෙ.බැරිවෙලාවත් උබලට computer එක පාවිච්චි කරන එකා පොඩ්ඩක් උබට දුන්නොත් වැඩ කරන්න ඔය මොකුත් නැතුව කෙලින්ම command prompt එක Run as Administrator දීල open කරගෙන උඩ ටයිප් කරපු ටික කරානම වැඩේ හරි.

ඔන්න එහෙනම් පෝස්ට් එක කමන්ට් එකක් දාගෙන යමල්ල හොද නරක කියල.තවත් පොස්ට් එකකින් ආපහු හම්බෙමු.ජය වේවා කට්ටියටම!!!

#ALEX

Comments

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...

Command Prompt ගැන දැනගමු

හලෝ යාලුවනේ.අද කියාදෙන්න යන්නෙ අලුත් මාතෘකාවක් ගැන.Command Prompt එහෙම නැත්තම් කවුරුත් අහල තියන විදිහට cmd එක ගැන තමා අද ඉදන් කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන අහල තිබ්බට දැකල තිබ්බට හරියට පාවිච්චි කරන හැටි ,මොනවද මේකෙන්  කරන්න පුලුවන් කියන කිසිදෙයක් දන්නෑ.ඉතිං මං හිතුව මුල ඉදන්ම මේ ගැන කියාදෙන්න.සරලව පටන් අරන් හැමදාම පෝස්ට් දාන මාතෘකාව වෙච්ච Hacking පැත්තටත් කොහොමද මේ cmd එක පාවිච්චි කරන්න පුලුවන් කියල අපි බලමු💜🙈.වැඩි කතා නැතුව  එහෙනම් මාතෘකාවට එමු. Command Prompt කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක විධාන රේඛා පරිවර්තන මෘදුකාංගය.ටිකක් අවුල් වගේනම් command line interpreter application කියහන්කො කවුරුහරි ඇහුවොත්😁.එහෙම කියන්නෙ මේක රන් වෙන්නෙ අපි දෙන  command වලට.ඉස්සරහට යද්දි පැහැදිලි වෙයි.මේකට අපි දෙන  command ගොඩක්ම Script සහ batch file.ඒ මොනාද කියලත් ඉස්සරහට කියන්නම්.මේ command prompt එක පාවිච්චි කරල අපිට පුලුවන් සාමාන්‍ය ක්‍රම වලින් කරන්න බැරි ගොඩක් වැඩ කරගන්න.ඒ කිව්වෙ උදාහරණ විදිහට ගත්තොත් ෆෝමැට් කරන්න බැරි පෙන් එකක් ෆෝමැට් කරගන්න,ඔටෝරන් වගේ පොඩි වයිරස් එකක...