හලෝ යාලුවනේ 😍.අද ඉදන් පටන් ගන්නව විෂුවල් බේසික් එහෙම නැත්තම් කවුරුත් දන්න VB ගැන පාඩම් මාලාව.මුලින්ම කියන්න ඕනි Microsoft Visual Studio කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට විතරක් නෙමෙයි ඇපල් මෙහෙයුම් පද්ධතිවලටත් එක විදිහට ගැලපෙන Programme ලියන්න පුලුවන් IDE (Integrated Development Environment) එකක්.ඩොට්නෙට් එන්වයරමන්ට් (.NET) කියල කියන්නෙත් ඒකම තමා.
මේ IDE එක Programming Language කිහිපයක් අඩංගු එකක්.අද ඉදන් පටන් ගන්න VB කියන්නෙ ඒ භාෂා රොත්තෙන් ඉගෙනගන්න ,පාවිච්චි කරන්න ලේසිම
Language එක. අද ඉදන් කරන හැමදේම මම කරන්නෙ 2015 version
එක පාවිච්චි කරල.ඒත් අවුලක් ගන්නෙපා
2010 ඉදන් ආපු හැම version එකක්ම එක වගේ
තමා.
ඔයාල මුලින්ම Visual Studio ඕපන් කරගත්තම මේ වගේ වින්ඩෝ එකක් එනව.අපි අලුත් Project එකක් පටන් ගන්න හන්ද Start à New Project තෝරන්න.එතනම පහල Open
Project කියල තියෙන්නෙ කලින්
අපි කරපු ඒව ඕපන් කරගන්න.
ඊටපස්සෙ ඕපන් වෙනව New Project ඩයලොග් බොක්ස් එක.ඒකෙ වම් පැත්තෙ Visual
Basic කියන එකයි ඒ යටතේ තියන Windows කියන එකයි තෝරල දකුණු පැත්තෙන් Windows Form Application තෝරන්න.ඊටපස්සෙ පහලින් Name කියන තැන ඔයාල හදන project එකට ගැලපෙන නමක් දාල Ok කරන්න.
දැන් බලමු මොනාද මේ කොටස් වලින් වෙන්නෙ කියල
- Title Bar – කවුරුත් දන්නවනෙ මේකෙ තියෙන්නෙ අපි වැඩ කරන Project එකේ නම , Close,Minimize,Maximize බට්න් ටික.
- Menu Bar - File, Edit වගේ සාමාන්ය මෙනු ටික තියෙන්නෙ මේකෙ තමා.
- Standard Tool Bar - මෙනු බාර් එකෙන් කරන්න පුලුවන් වැඩ වල ෂෝට්කට් අයිකන් සෙට් එක තියෙන්නෙ මේකෙ තමා.මේ බාර් එක පෙන්නන්නෙ නැත්තම් Menu Bar එකේ View àToolbars àStandard වලට ගිහින් ගන්න පුලුවන්.
- Tool Box - අපි හදන වැඩසටහනේ ඉන්ටෆේස් එක හදාගන්න ඕනකරන ඔක්කොම දේවල් තියෙන්නෙ මේකෙ තමා.මුලින්ම VB ඕපන් කරද්දි මේක නෑ.View à Other Windows à Tool Box ක්ලික් කරල අපිට මේක ගන්න පුලුවන්.නැත්තම් Ctrl + Alt + x ෂෝට්කට් එක පාවිච්චි කරල ගන්නත් පුලුවන්.
- Form - අපි අලුතින් හදන වැඩසටහනේ ඉන්ටෆේස් එක හදාගන්න ඕනෙ මේ ෆෝම් එකේ තමා.අපිට එකපාර ෆෝම් කීපයක් උනත් අරන් වැඩ කරන්න පුලුවන්. Tool Box එකෙන් අපිට ඕන කරන ඒව අරගෙන Programme එක Design කරගන්නෙ මේ කියන ෆෝම් එකේ තමා.
- Code Window - ෆෝම් එකේ අපි හදපු ඉන්ටෆේස් එක ක්රියාත්මක කරන්න අපි Code ලියන්න ඕනෙ.ෆෝම් එක උඩ ඩබල් ක්ලික් කරහම අපිට Code Window එක බලාගන්න පුලුවන්.
- Solution Explorer Window – අපි හදන Project එකේ තියන ෆෝම් වගේ දේවල් පෙන්නන්නෙ මේ වින්ඩෝ එකේ තමා.දැනට මේක පෙන්නන්නෙ නැත්තම් View à Other Windows à Solution Explorer හරහා ගිහින් ගන්න පුලුවන්.
- Properties Window - මේක වැදගත් මොකද මෙතනින් තමා අපි එකතුකරන ඔබ්ජෙක්ට් රීනේම් කරන්නෙ එතකොට ඒවගෙ සෙටිංස් වෙනස් කරන්නෙ. View à Other Windows à Properties Window වලට ගිහින් මේක ගන්න පුලුවන්.
ඔන්න ඔය ටික තමා මූලිකව කියල අපි දැනගෙන ඉන්න ඕන දේවල්.පලවෙනි පෝස්ට් එකනෙ.වැරදි අඩුපාඩු හෙනට ඇති.ඒව
කියල කමන්ට් එකක්
දාන්නත් අමතක කරන්න එපා.ඊලග
පෝස්ට් එකෙන් අලුත් දෙයක් අරන් හම්බෙමු එහෙනම්.Share කරල සප් එක දෙන්න😉😉.
එහෙනම් ජයවේවා ඔක්කොටම !!! අපි ගියා
#ALEX




Comments
Post a Comment